(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි වලට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2025 මැයි 19 දිනැති අංක 2437/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සහ 2025 ජුනි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව කාරක සභාවට යොමු කරන ලද රෙගුලාසි සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වූ රෙගුලාසිවලට මෙහිදී අනුමැතිය හිමි විය.
දේශීය වෙළඳපල තුළ පවත්නා ලුණු හිඟය සැලකිල්ලට ගනිමින් ගෘහස්ත සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා අයඩීනීකරණය නොකළ අමු ලුණු සහ අහාරයට ගත හැකි අයඩීනීකරණය කල ලුණු (කුඩු කළ සහ කැට ලුණු) ආනයනය කිරීමට අවසර ලබා දීමට මෙම රෙගුලාසි මගින් ඉඩ සලසා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි 24 වන දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.
තවද, වාහන ආනයන සම්බන්ධයෙන් පවත්නා ගැටලු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එම සාකච්ඡාව සඳහා සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ඇතුලු ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගම් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගී වූහ
මෙහදී, වාහන සම්බන්ධයෙන් අය වන බදු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ලියාපදිංචි නොකළ සහ සහ කෙටි දුර ප්‍රමාණයන් ධාවනය කර ඇති වාහන වෙනුවෙන් අයකරනු ලබන එකතු කළ අගය මත බද්දේ (VAT ) අදායම නිසියාකාරව ලබා ගැනීම සහ එම බදු අයකිරීම් සමබරතාවය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලුණු රටින් ගෙන්වීමට මුදල් සභාවේ අනුමැතිය