IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


ලිඳුල නගර සභාවේ හිටපු සභාපතිට ඇප

(රෝෂන් තුෂාර)

තලවකැලේ ලිදුල නගර සභාවට අයත් මස්කඩ කාමරයක් අඩු ලන්සුවකට ලබාදීමෙන් රුපියල් ලක්ෂ 23කට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ලිදුල නගර සභාවේ   හිටපු සභාපති අශෝක සේපාල මහතා ඇප මත මුදා හැරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී  මහත්මිය අද(11) නියෝග කළාය.

සැකකරුට රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.

2019 වසරේ දී ලිදුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මස්කඩ කාමරයක් වැඩි ලන්න්සුවකට ලබා නොදී,අත්තනෝමතිකව අඩු ලංකුවකට ලබා දී  රුපියල් 2380000.00 ක පාඩුවක් සිදු කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කොටතිබිණි.

ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරු බන්ධනාගාර නිලධාරී මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් හා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ කීපයක් සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු බන්ධනාගාරගත කරන ලෙස ද ඉල්ලා සිටියේය.



අදහස් (2)

ලිඳුල නගර සභාවේ හිටපු සභාපතිට ඇප

සමන් - ඕමානය Wednesday, 11 June 2025 02:58 PM

හා, දැක්කාද අපේ වැඩ කිඩ? කොහොමද මාලිමාවේ ප්‍රතිපත්තිය? නියමයි නේද අපේ උපාය මාර්ග? ඉන්න හාල් මැස්සෝ ටික අල්ලනවා. ඔය අපි කිව්ව තෝරු, මෝරු තල්මස්සු ටික අල්ලන්න පස්සේ බැරියෑ...

:       1       1

රුවන් Thursday, 12 June 2025 02:35 PM

සමන්ට අනුව රනිල් වික්‍රමසිංහ හිරේ ගියොත් දේශපාලන කුමන්ත්‍රණ ලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1130 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 570 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site