(අංජුල මහික වීරරත්න)
රුසියානු - යුක්රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකි බව සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ලාංකිකයන් බේරා ගන්න රුසියාවට දූත පිරිසක්
Udayanga Thursday, 16 May 2024 01:13 PM
ඔය බූත පිරිස ගිහින් රුසියන් වනිතාවන් සමඟ විනෝද වෙලා හොඳට කාලා බීලා, සංචාරය කරලා ආපහු එනවා. ප්‍රශ්නෙ එහෙමමයි. මොනවද ඔට්ටු?
Hafeel Thursday, 16 May 2024 01:56 PM
අපි විශ්වාස කරනවා මේ දූත පිරිස අපේ රණවිරුවන්ව ආපහු කිසිම කරදරයක් නැතුව රැගෙන එවී කියලා. හැබැයි, මිග් උදයන්ගගේ තෙල් මාරු කරන වැඩවලට නම්, අහුවන්න එපා.
පිටරටවැසියා Thursday, 16 May 2024 06:15 PM
දැන් මේ භූත පිරිස රුසියාවට යන්නම ඕනෙද, එතකොට ලංකාවේ තියෙන රුසියානු තානාපති කාර්යාලයෙනුයි, රුසියාවේ තියෙන ලංකාවේ තානාපති කාර්යාලයෙනුයි ඇති වැඩේ මොකක්ද? කොහොම වුණත් අන්තිමට වෙන්නෙ රටේ බදු මුදල් වලින් ඔය යන නාකි භූත පිරිස රුසියාවෙන් වතුර ටික මාරුකරගෙන එන එක විතරයි.