
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් පිරිසකි.
15 දෙනකුගෙන් සමන්විත ජාත්‍යන්තර සත්ව විද්‍යාඥයන් කන්ඩායමක්, ඇමසන් වනාන්තරයේ ගෝත්‍රිකයන්ගේ ද මඟ පෙන්වීමෙන්, ඇමසන් ගංගාවට සම්බන්ධ අතු ගංගාවකින් මෙම විශාගලතම ඇනකොන්ඩා සොයා ගත්තේ පසුගිය පෙබරවාරියේය. ගැහැනු සත්වයකු වූ මෙම ඇනකොන්ඩා ‘ඇනා ජුලියා’ යනුවෙන් නම් කෙරුණි.

ලොව විශාලතම සර්පයන් ලෙස සැලකෙන්නේ ඇනකොන්ඩාවන්ය. ඇනකොන්ඩාවන් පිඹුරන් විශේෂයකි. ඇනකොන්ඩාවන් අතරින් ද විශාලතම ඇනකොන්ඩා ලෙස සැලකුණේ ‘ඇනා ජුලියා’ ය. ‘ඇනා ජුලියා’ උතුරුදිග හරිත ඇනකොන්ඩාවෙකු වන අතර, උතුරුදිග හරිත ඇනකොන්ඩාවන් නව ඇනකොන්ඩා විශේෂයක් බවත් විද්‍යාඥයන් තහවුරු කර තිබුණි.
(ඬේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල ශබ්ධයක් ගඟ දෙබෑ කරන මතුවුණ ගමන් කුඩුවෙන්න ඔලුවට ගහලා වගේ
කැලණියේ නයා තවම ජීවතුන් අතර නේද? එහෙනම් අපිට අවුලක් නෑ...