IMG-LOGO

ලොව පුරා කොරෝනා මරණ 185,000 ඉක්මවයි

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 1,85,000 ඉක්මවා ගොස් ඇත.

අද (23) පස්වරු 6.30 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,85,457ක් ලෙස දැක්විණි.

සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 26,58,865ක් ලෙස සටහන්ව තිබිණි. කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 7,30,393ක් විය.

රොයිටර් පුවත් සේවයට අනුව ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන නව කොරෝනා වයිරසය රටවල් සහ පරිපාලන ප්‍රදේශ 214කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත.

ලොව වැඩිම මරණ ගණනක් සහ ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

දෙවැනියට සහ තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් හා ඉතාලියෙනි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,13,024කි. ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,87,327කි.

දෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙනි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 25,085කි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ ගණන 22,157කි.

විදෙස් වාර්තා ඇසුරිනි

055 

 



අදහස් (0)

ලොව පුරා කොරෝනා මරණ 185,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 670 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site