(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා ‘ලංකාදීප’යට පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් 42 ක සහ 14,000 ක් වන සෙසු අළෙවි නියෝජිතයන් අඛණ්ඩව සැපයුම් කරන බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා අළෙවි නියෝජිතයන් සතුව ඇති ගෑස් සහිත සිලින්ඩර් නැවත එකතු කිරීමක් මේ දක්වා සිදුවෙන බව ද සඳහන් කළේය.