
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු නිර්මාණය කළ, 'කැස්සේ ශබ්දය අනුව' කොවිඩ් 19 ආසාදිතයකු ද නැද්ද හඳුනාගත හැකි ස්මාර්ට් දුරකථන මෙවලමක්, ලොව ප්‍රමුඛතම වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම විසින් මිලදී ගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙම නිර්මාණය කර ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදන්ත අබේරත්න මහතා ය. මහාචාර්යවරයා නිපදවූ එම මෙවලම ෆයිසර් සමාගම මිලදී ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 179ක මුදලකටය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්යවරයා මාධ්‍ය පවසා ඇත්තේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මගින් ඔහුට අවශ්‍ය ආධාර ලැබුණු බවය. ‘කොවිඩ් 19’ වසංගතය දරුණුවට පැවැති අවදියේ, දිළිඳු රටවලට එන්නත් ලබා දීමටත්, වෛද්‍ය ආධාර සහ උපකරණ ලබා දීමටත් මැදිහත් වී කටයුතු කළේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමය.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පී.සී.ආර් පරීක්ෂණ වෙනුවට ඉදිරියේ දී තමන් හඳුන්වා දී ඇති මෙම නව තාක්ෂණය භාවිතයට ගනිමින් කොවිඩ් ආසාදිතයින් පමණක් නොව වෙනත් විවිධ ස්වසන රෝග තත්ත්වයන් පවා හඳුනාගත හැකි වෙතැයි මහාචාර්යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ගුවන් තොටුපොළ, ක්‍රීඩාගාර සහ වැඩිහිටි නිවාසවල ආසාදිතයින් ඉක්මනින් මෙන්ම පහසුවෙන් හඳුනා ගැනීමටත්, අවහ්‍ය නම් ඔවුන් නිරෝධායනය කිරීමටත් මෙම නව නිර්මාණය යොදා ගැනීමට හැකිවනු ඇතැයි මහාචාර්ය උදන්ත අබේරත්න පැහැදිලි කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකික මහාචාර්යවරයෙක්ගෙන් කොවිඩි හොයන්න අලුත් මෙවලමක්
මංජුල Milano Wednesday, 12 October 2022 01:39 PM
සුබ පැතුම්...!!! ලොවටම වටිනා රටට නොවටිනා මිනිසුන්...!
ravin Wednesday, 12 October 2022 01:41 PM
මෙවැනි ලෝක ප්‍රජාවට සෙත සලසන මෙවලම් මිලදී ගෙන බෙදාහැරිය යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධාන මිස පුද්ගලික ආයතන නොවේ...
කුහක Wednesday, 12 October 2022 02:43 PM
ඊර්ෂ්‍යායා හිතෙනවා නේද?
ravinWednesday, 12 October 2022 03:40 PM
පොඩ්ඩක් විතර. මොකද මම කොමිස් කාක්කෙක් නොවෙනනිසාවෙන්. පුද්ගලික සමාගම් කරනුයේ වෙලෙදාමක් මිස පොදුජන යහපත උදෙසා සෙවයක් නොව. ලොක සෞඛ්ය සංඩානයෙ (ලො.ස.සා අරමුන ලොක ප්‍රජාව මනා සෞඛ්යයයෙන් යුතුබව රැකගැනිම?. ඔය වසන්ගතය හෙතුවෙන් රටවල් කියක් කඩා වටුනාද? වැටුනු රටවල සෞඛ්ය පහසුකම් නැවත ගොඩ ගැනිම සන්දහා ලෝ.ස.ස. තව කියක් වියදම් කරනවාද? ළො.ස.ස වානිජමය හා ආර්තිකමය වශයෙන් කොකද වාසි.