
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු නිර්මාණය කළ, 'කැස්සේ ශබ්දය අනුව' කොවිඩ් 19 ආසාදිතයකු ද නැද්ද හඳුනාගත හැකි ස්මාර්ට් දුරකථන මෙවලමක්, ලොව ප්‍රමුඛතම වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම විසින් මිලදී ගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙම නිර්මාණය කර ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදන්ත අබේරත්න මහතා ය. මහාචාර්යවරයා නිපදවූ එම මෙවලම ෆයිසර් සමාගම මිලදී ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 179ක මුදලකටය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්යවරයා මාධ්‍ය පවසා ඇත්තේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මගින් ඔහුට අවශ්‍ය ආධාර ලැබුණු බවය. ‘කොවිඩ් 19’ වසංගතය දරුණුවට පැවැති අවදියේ, දිළිඳු රටවලට එන්නත් ලබා දීමටත්, වෛද්‍ය ආධාර සහ උපකරණ ලබා දීමටත් මැදිහත් වී කටයුතු කළේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමය.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පී.සී.ආර් පරීක්ෂණ වෙනුවට ඉදිරියේ දී තමන් හඳුන්වා දී ඇති මෙම නව තාක්ෂණය භාවිතයට ගනිමින් කොවිඩ් ආසාදිතයින් පමණක් නොව වෙනත් විවිධ ස්වසන රෝග තත්ත්වයන් පවා හඳුනාගත හැකි වෙතැයි මහාචාර්යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ගුවන් තොටුපොළ, ක්‍රීඩාගාර සහ වැඩිහිටි නිවාසවල ආසාදිතයින් ඉක්මනින් මෙන්ම පහසුවෙන් හඳුනා ගැනීමටත්, අවහ්‍ය නම් ඔවුන් නිරෝධායනය කිරීමටත් මෙම නව නිර්මාණය යොදා ගැනීමට හැකිවනු ඇතැයි මහාචාර්ය උදන්ත අබේරත්න පැහැදිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්...!!! ලොවටම වටිනා රටට නොවටිනා මිනිසුන්...!
මෙවැනි ලෝක ප්‍රජාවට සෙත සලසන මෙවලම් මිලදී ගෙන බෙදාහැරිය යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධාන මිස පුද්ගලික ආයතන නොවේ...