IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ රබර් ඉඩම් සිතියම් ගත කරයි

(අංජුල මහික වීරරත්න)

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් මෙම සිතියම් ගත කිරීම සිදුකරයි.

මෙම වැඩපිළිවෙල යටතේ 2025 වසර ඇතුලත සියළු කුඩා රබර් ඉඩම් වල භූ ඛණ්ඩාංක ලබා ගැනීමට බලාපොරොත්තු වේ.  

මෙම ඉඩම් සිතියම් ගත කිරීමේ කටයුතු වලින් පසුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව  ගොවීන් වෙත නොමිලේ QR කේතයක් නිකුත් කරන අතර, රබර් නිෂ්පාදන විකිණීමේදී ගොවීන් විසින් මෙම QR කේතයේ ඇතුලත් තොරතුරු වෙළඳුන් වෙත සැපයීම අනිවාර්ය බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

යුරෝපා සංගමය විසින්  ඔවුන්ගේ  සාමාජික රටවල් වෙත රබර් ආශ්‍රිත නිෂ්පාදන හා රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය අපනයනනය කිරීමේදී අනුගමනය කළ යුතු රෙගුලාසි (EUDR) හඳුන්වා දී ඇති අතර එහි ප්‍රධානතම අවශ්‍යතාවයක් ලෙස රබර් සැපයුම් දාමයන් වනාන්තර විනාශයට දායක නොවන බව සහතික කිරීම සඳහා වගා කරන ප්‍රදේශ නිවැරදිව සිතියම්ගත කිරීම අවශ්‍ය වේ.

ගෝලීය වශයෙන් වන විනාශය සහ වන විනාශයට සම්බන්ධ නිෂ්පාදන ආනයනය සහ අපනයනය වැළැක්වීම අරමුණු කර ගනිමින් යුරෝපා සංගමය මෙම නියෝගය පනවා ඇත.



අදහස් (0)

ලංකාවේ රබර් ඉඩම් සිතියම් ගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 850 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 967 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 390 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site