IMG-LOGO

2025 ජුනි මස 05 වන බ්‍රහස්පතින්දා


ලංකා - ලැට්වියා වරදකරු හුවමාරුවට ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

දඬුවමට නියම වූ තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය සහ ලැට්වියා ජන රජය අතර එළඹි ගිවිසුමට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේදී වරදකට වරදකරුවකු කරනු ලැබූ යම් නිශ්චිත රටක පුරවැසියකු ඒ රටට බාර දීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහා ද, යම් නිශ්චිත රටකදී වරදකට වරදකරුවකු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ යම් පුරවැසියකු ශ්‍රී ලංකාවට බාර දීම පිණිස විධි විධාන සැලැස්වීම සඳහා ද 1995 අංක 5 දරන වරදකරුවන් බාරදීමේ පනත හඳුන්වා දී ඇත.

 කෙසේ වුව ද, මෙම පනතේ විධිවිධාන අදාළ කර ගැනීම සඳහා අදාළ දෙරට ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ තිබීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව හා ලැට්වියා ජන රජය යන රටවල් දෙකෙහි බලපවත්නා නීතියට අනුකුලව ඇති කර ගත් එකඟතාව පරිදි වරද කරුවන් භාරදීම සම්බන්ධයෙන් දෙරට අතර ගිවිසුමකට එළඹීම සඳහා 2023-12-05 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව, එකී ගිවිසුම අපරානුමත කිරීමටත් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ලංකා - ලැට්වියා වරදකරු හුවමාරුවට ගිවිසුමක්

කව්ද බෝයි Tuesday, 03 June 2025 03:30 PM

මෙහෙ එවුං ටිකත් ලටිවියාවටම අරින්න බැරිද ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 256 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 409 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 653 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site