IMG-LOGO

රෝහල් වල ඖෂධ හිඟ නම් කඩිනමින් ඒ ගැන බලන්න

(අංජුල මහික වීරරත්න)

ඇතැම් රෝහල් වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟ හැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අද උපදෙස් දුන්නේය.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර  ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

ඖෂධ මිලදී ගැනීමේ සහ බෙදා හැරීමේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යාන්ත්‍රණය විධිමත් කර හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ යාන්ත්‍රණයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ දුර්වලතා පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. 

ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙසද මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, නැවත රට තුළ එවන් තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසත්, ඒ සඳහා අවශ්‍ය දිගුකාලීන සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසත් ප්‍රකාශ කළේය.

රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහතික කරලීමට සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රසම්පාදන) ඩබ්ලිව්.එස්.එන්.බොතේජු, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීහු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

රෝහල් වල ඖෂධ හිඟ නම් කඩිනමින් ඒ ගැන බලන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site