(විමුක්ති එස් රුද්‍රිගු)
කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු රැගත් රුසියානු මගී ගුවන් යානයක් අද(24) නැගෙනහිර අමූර් ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
අනතුරෙන් යානයේ ගමන් 49 දෙනාම මියගොස් ඇතැයි සැක පළ කරන බවත් ගමන් ගත් අය අතර ළමයින් 5 දෙනකු ද සිටින බවත් එරට මාධ්‍ය පැවැසුවේ ය.
අනතුරට පත්ව ඇත්තේ සයිබීරියාවේ අන්ගාරා නැමැති ගුවන් සේවයට අයත් ඒ.එන් - 24 වර්ගයේ ගුවන් යානයක් බවත් එම ගුවන් යානය චීන දේශ සීමාවට ආසන්න ටින්ඩා නගරය වෙත පියාසර කරමින් තිබී ඇති බවත් රුසියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.
යානයේ කඩා වැටුණු සුන්බුන් මුදා ගැනීමේ හෙලිකොප්ටරයක් සොයාගෙන තිබෙන බවද එරට මාධ්‍ය පැවැසුවේ ය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රුසියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි