(අංජුල මහික වීරරත්න)

කළමනාකරණ සේවා 3 ශ්‍රේණියේ නිලධාරීන් 1252 කට පත්වීම් ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම පත්වීම් ප්‍රදානෝත්සවය⁣ කොළඹ අරලියගහ මන්දිරයේදී හෙට (7) පැවැත්වෙයි.

2025 ඔක්තෝබර් 5  දින පවත්වන ලද විවෘත තරග විභාගය සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටි අතර, එහි ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම පිරිස තෝරාගෙන තිබේ.

සමස්ත පත්වීම්ලාභීන් සියල්ලන් ම වයස අවුරුදු 18-29 ත් අතර පසුවන තරුණ තරුණියන් වන අතර සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙක් දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙක් හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.

මෙම සියලු බඳවා ගැනීම්  සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව අපේක්ෂකයන්ගේ සුදුසුකම් මත සිදු කෙරෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය.

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු 1615ක් පිරවීම සඳහා අනුමැතිය ලැබී තිබූ බවත් පළමු වටයේදී මූලික සුදුසුකම් සපුරා ඇත්තේ 1252 දෙනකු පමණක් බැවින් ඉතිරි පිරිස දෙවන වටයකදී බඳවා ගැනීමට කටයුතු කරන බව චන්දන අබයරත්න මහතා කීය.රාජ්‍ය සේවයට 1252ක්

(අංජුල මහික වීරරත්න)

කළමනාකරණ සේවා 3 ශ්‍රේණියේ නිලධාරීන් 1252 කට පත්වීම් ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම පත්වීම් ප්‍රදානෝත්සවය⁣ කොළඹ අරලියගහ මන්දිරයේදී හෙට(7) පැවැත්වෙයි.

2025 ඔක්තෝබර් 5  දින පවත්වන ලද විවෘත තරග විභාගය සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටි අතර, එහි ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම පිරිස තෝරාගෙන තිබේ.

සමස්ත පත්වීම්ලාභීන් සියල්ලන් ම වයස අවුරුදු 18-29 ත් අතර පසුවන තරුණ තරුණියන් වන අතර සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙක් දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙක් හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.

මෙම සියලු බඳවා ගැනීම්  සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව අපේක්ෂකයන්ගේ සුදුසුකම් මත සිදු කෙරෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය.

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු 1615ක් පිරවීම සඳහා අනුමැතිය ලැබී තිබූ බවත් පළමු වටයේදී මූලික සුදුසුකම් සපුරා ඇත්තේ 1252 දෙනකු පමණක් බැවින් ඉතිරි පිරිස දෙවන වටයකදී බඳවා ගැනීමට කටයුතු කරන බව චන්දන අබයරත්න මහතා කීය.