IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රාහුල් සෝනියා ඡන්දය දාලා

ඉන්දීය මහ මැතිවරණයේ සය වැනි අදියර ආරම්භ වූ අවස්ථාවේදී, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ සෙද්ශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්‍රස්’ පක්ෂයේ හිටපු නායිකා සෝනියා ගාන්ධි සහ ඇගේ පුතු රාහුල් ගාන්ධි ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්ද ප්‍රකාශ කිරීමෙන් පසු රාහුල් ඒ බව නිවේදනය කරමින් මව සෝනියා සමඟ ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය. මෙම ඡායාරූපය බොහෝ දෙනාගේ කතාබහට ලක් විය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවන් සමාජ මාධ්‍ය හරහා පළ වුණු එම ඡායාරූපය විවේචනය කිරීමට පටන් ගත්තේ, එම ඡායාරූපයේ ජේසු තුමන්ගේ සිතුවමක් ඇති නමුත් හින්දු වැසියන්ගේ ගෞරවාදයට පාත්‍ර වුණු කිසිදු හින්දු දෙවියකුගේ සිතුවම් කිසිවක් නොමැති බවත් පෙන්වා දෙමිනි.

කෙසේ නමුත්, කරුණු කාරණා ආනවරණය වෙද්දී, පෙනී ගියේ රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි සිටින එම ඡායාරූපයේ පසුපස ඇත්තේ ජේසු තුමන්ගේ පින්තූරයක් නොව, ‘මැඩෝනා ඔරිෆ්ලැම්මා’ Madonna Oriflamma යන නමින් නම් කෙරුණු, රුසියන් චිත්‍ර ශිල්පී නිකොලස් රෝරිච් 1932 දී සිතුවම් කළ සුප්‍රසිද්ධ සිතුවමේ අනුරුවක් බවය. මෙම සිතුවමින් නිරූපණය කරන්නේ සාමයයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

රාහුල් සෝනියා ඡන්දය දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site