IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රසායනික ව්‍යාධි විශේෂඥයෝ දස වැනි සැසිය පවත්වති

(අංජුල මහික වීරරත්න)

රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් ලබා ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ ශ්‍රී ලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයින්ගේ විද්‍යායතනයේ (College of Chemical Pathologists of Sri Lanka - CCPSL) 10 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි. 

මෙම සැසිවාරය  කෝට්ටේ “මොනාක් ඉම්පීරියල්” හෝටලයේ දී පැවැත්විණි.

"අභියෝග හෙළිදරව් කිරීම: විශිෂ්ටත්වය සඳහා ගුණාත්මක කථීකාව - Unraveling Challenges: Quality Saga for Excellence" යන්න තේමා කර ගනිමින් රසායනාගාර සහ සායනික සැකසුම් යන දෙඅංශයෙහි වෘත්තිකයන් සමඟ රසායනික ව්‍යාධි විද්‍යාවේ වත්මන් සංකල්ප එකට ගෙන එමින් මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරය සංවිධානය කර තිබුණි.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෑත කාලීන සාර්ස්-කෝවිඩ් (SARS-CoV-19) ස්වසන රෝග පැවති කාලයේ අභියෝග රැසක් මධ්‍යයේ මෙරට රසායනාගාර ව්‍යාධි විශේෂඥයින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව සේවා සැපයූ බවයි.



අදහස් (0)

රසායනික ව්‍යාධි විශේෂඥයෝ දස වැනි සැසිය පවත්වති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1212 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site