(මනෝප්‍රිය ගුණසේකර)
බීමත්ව රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය.
තමන්ට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ.
පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් 2023 ඔක්තෝබර් මස සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව වැල්ලවත්ත පොලීසිය විසින් බීමත්ව රිය පැදවීම ඇතුළු රථ වාහන වැරදි යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව සඳහන් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදාහැරීමෙන් පසු තම සේවාදායකයාට එරෙහිව බීමත්ව රිය පැදවීමේ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ බව පොලිසිය මහේස්ත්‍රාත් උසාවියට දැනුම් දුන්නත් එවැනි උපදෙසක් නීතිපතිවරයා අධිකරණයට එවා නොමැති බව පවසමින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත්වරිය තීරණය කර ඇති බවත් සඳහන් කළ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මහේස්ත්‍රාත්වරියගේ එම වැරදි සහගත ක්‍රියා කලාපය තුළින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම නඩුව වෙනත් අධිකරණයට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙත්සම් විභාගය අවසන් වන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාග කිරීමට තීරණය කරමින් වැලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොවැම්බර් 25 වැනිදා නොතිසි නිකුත් කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල විරෝධතා ඇත්නම් ලබන 23 වන දා ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රවි සෙනෙවිරත්නට එරෙහි නඩුව තාවකාලිකව අත්හිටුවයි
podi hamine Thursday, 04 September 2025 05:29 PM
බලයේ ඉන්නවිට කළ නොහැකි දෙයක් නැත... කෝ සාධාරණය මට පේන්නේ ඔක්කෝම එකයි වගේ...
Samare Thursday, 04 September 2025 05:29 PM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. හාමුදුරුවෝ පොලිසියේ ලොක්කටත් ඉහළයි, උසාවියටත් ඉහළයි වගේ. සිස්ටම් චේන්ජ් කියලාත් කිව්වලු...
Amila Thursday, 04 September 2025 05:42 PM
වෙන ආණ්ඩුවක් කාලේ ඕක වුණා නම් ...
sosadThursday, 04 September 2025 06:45 PM
එහෙනම් පච නඩය ඇවිල්ලා කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා වැළලෙනවා.
sosad Thursday, 04 September 2025 06:13 PM
නීතියට උඩින් කවුරුවත් නෑ. හැමෝටම නීතිය එකයි. මේ NPP AKD රජය... කවුරු වැරැදි කළත් දඩුවම් දෙනවා... අනේ සංසාරේ... ඩෝබිලා වහාම සේවයට වාර්තා කරන්න. විශාල ප්‍රමාණයක් සෝදන්න තියෙනවා.
අරවින්ද මොණරවිල Thursday, 04 September 2025 06:16 PM
රාජපක්ෂලා, වික්‍රමසිංහලා නඩු ඇහුවේ එහෙම තමයි, චෝදනාව ඔප්පු කරන්න සාක්ෂි නැතත් නඩුව අහලා දඩුවම් දෙන්න ඕනෑ තමන්ගේ විරුද්ධවාදියෙක් නම්...!
සුධීර Thursday, 04 September 2025 07:25 PM
මුන් ඔක්කොම එකයි මල්ලි. මුන් ඔක්කොම හොරු මල්ලි.
de silva Thursday, 04 September 2025 08:31 PM
මේක තමා මාලිමාවේ පිරිහීමේ ආරම්භය...