IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


රඹුටන් ඇටයක් සිරවී සිඟිත්තෙකු මරුට

(චන්ද්‍රසේන ගමගේ)

නිවසේ තිබූ රඹුටන් ගෙඩියක් රස බලමින් සිටි පස් හැවිරිදි දරුවෙකු රඹුටන් ඇටය සිරවීමෙන් අද (07) දහවල් මියගොස් තිබුණු බව මිද්දෙණිය පොලිසිය පවසයි.

මිද්දෙනිය පල්ලේ ජූලම්පිටිය ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වෙයි.

නිවසට ගෙන එන ලද රඹුටන් ගෙඩි කිහිපයක් රස බලමින් සිටි මෙම දරුවාට රඹුටන් ඇටයක් සිරවී ඇති බව දැනගත් නිවැසියන් දරුවා වහාම වලස් මුල්ල මූලික රෝහල කරා රැගෙන ගොස් තිබුණද ඒ වනවිටත් දරුවා මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

මියගොස් තිබුණේ දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ බාල පිරිමි දරුවාය.

මියගිය දරුවාගේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මූලික රෝහල වෙත යවා ඇති බවද රෝහල් ප්‍රකාශකයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දරුවාගේ වියෝව දරා ගතනොහැකිව මවද සිහසුන්ව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.



අදහස් (0)

රඹුටන් ඇටයක් සිරවී සිඟිත්තෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 576 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site