IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


රනිල්ගේ නඩුවට දින දෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රබල කරුණක් ඉදිරිපත්ව නොමැති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද පැවසීය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ට පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළ අතර  ජනවාරි 28වනදා යළි කැඳවීමට දින නියම කළේය.

වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා ඇප ලබා ගැනීමට පමණක් ඉදිරිපත් කර ඇති බවත්,එමගින් අධිකරණය නොමැග යෑවීමට උත්සාහ දරා ඇති බැවින් ඇප අවලංගු කරන ලෙසට  ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව එසේ පැවසීය.

  රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය පෙනී සිටීමෙන් අනතුරුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා  රනිල් වික්‍රමසිංහ මහතා අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ  සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන  ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.

එමෙන්ම පසුගිය නඩු  දිනයේදී අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

ඉන් අනතුරුව අදාළ නඩුව 2026 වසරේ ජනවාරි 28 වනදා කැඳවීමට ද නියම විය.

(ඡායාරූප: ඉසුරු පෙරේරා)



අදහස් (0)

රනිල්ගේ නඩුවට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1642 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site