
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,967,500 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.
පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,873,870 ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව මෙම වසරේ පළමු මාස නවය තුළදී මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 93,630 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.
එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,097,434 දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසර අවසාන වනවිට මෙරට රජය ගෙවීමට තිබූ විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,042,904 ක් ලෙස සඳහන් ව තිබූ බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළදී මෙරට රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 54,530 කින් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ ණය කන්ද කෝටි විසිනව ලක්ෂයත් පනී