IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රට රැකියා වලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්

(අංජුල මහික වීරරත්න)

විදේශ රැකියා වලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිලිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට් පත්  නිකුත් කිරීමේ කවුලුවක්  විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ  ප්‍රධානත්වයෙන් නාවල පාර, නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දි විවෘත කෙරිණි.

මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරිම සිදුකරන අතර  ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩුමිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකියි.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස් යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  සභාපති කෝශල වික්‍රමසිංහ,  ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක,  ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි ප්‍රසාද් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.



අදහස් (0)

රට රැකියා වලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 914 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 399 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site