(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ World Health Survey Plus (WHS+) සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
WHS+ යනු ගෝලීය වශයෙන් පිළිගත් ගෘහ සමීක්ෂණ වැඩසටහනක් වන අතර, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සහ සෞඛ්‍ය සේවා භාවිතය මැනීම සඳහා උසස් තත්ත්වයේ, ජාතික මට්ටමේ දත්ත රැස් කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇත.
මෙම ජාතික වශයෙන් වැදගත් සමීක්ෂණය 2025 අගෝස්තු 29 වැනිදා නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, දිවයින පුරා නිවාස මට්ටමේ සමීක්ෂණයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙයට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහය ලබා දේ. සමීක්ෂණය තුළ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් ඇතුළත් වන නිවාස 6,000ක් ආවරණය කෙරේ.
සමීක්ෂණ තුළ නිවාස සහ පුද්ගලයකු ලෙස අංග දෙකක් ඇතුළත් වන අතර, නිවස පිළිබද ප්‍රශ්නාවලිය සඳහා, නිවසේ ජීවන තත්ත්වය පිළිබඳව වඩාත් දැනුවත් සාමාජිකයා තෝරා ගනී. එමගින් එකී සුදුසු පුද්ගලයෙකු අහඹු ලෙස තෝරා පුද්ගලික සමීක්ෂණයට ඇතුළත් කර ගැනීමට කටයුතු කරනු ලබයි.
මීට අමතරව, සහභාගීවන්නන් ගේ උස, බර මැනීම් සහ රුධිර පරීක්ෂණ ද ඇතුළත් වේ. එම පරීක්ෂණ අතර, රුධිර පීඩනය, HbA1c, හීමෝග්ලොබින්, ග්ලූකෝස්, Total කොලෙස්ටරෝල්, HDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරියිඩ් මට්ටම් ඇතුළත් වේ.
සියලු දත්ත Computer-Assisted Personal Interviews (CAPI) තාක්ෂණය ඔස්සේ ඩිජිටල්ව රැස් කරනු ලබන අතර, එම දත්ත ඉතා සුරක්ෂිතව ගබඩා කරනු ලැබේ.
මෙම වැදගත් ජාතික කර්තව්‍ය සාර්ථකව ක්‍රියාත්මක කරගැනීම සදහා, සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම පුරවැසියන්ගේ සහ පාර්ශවකරුවන්ගේ සහයෝගය ඉල්ලා සිටී. රැස් කරනු ලබන සියළු දත්ත ශ්‍රී ලංකාවේ අනාගත සෞඛ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේදී ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රට පුරා සෞඛ්‍ය සමීක්ෂණයක් අරඹයි