IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


රට ඉන්න අයට ඔන්ලයින් මගින් පාස්පෝට් ඉල්ලන්න අවසර

(අංජුල මහික වීරරත්න)

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල මඟින් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලාංකිකයින් විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල හරහා සිදු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම පිණිස එය මාර්ගගතව සිදු කිරීම සඳහා සහාය ලබා ගැනීමට අදාළව යෝජනාවක් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත ඉදිරිපත් කර තිබේ.

 ඒ අනුව, දූත මණ්ඩල/කාර්යාල 20ක් ආවරණය වන පරිදි ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත උපකරණ සැපයීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගත සම්බන්ධතාව පහසු කිරීම සහ ඒකාබද්ධ වීමට අදාළ පද්ධති /මෘදුකාංග සංවර්ධනය හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් අවශ්‍ය අරමුදල් සපයා දීමට එකඟතාව පළ කර ඇත. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර, ඩිජිටල් තාක්ෂණය භාවිත කර කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම අරමුණු කර ඇත. ඒ අනුව, හඳුනා ගනු ලබන විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල 20ක් මඟින් මාර්ග ගතක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

රට ඉන්න අයට ඔන්ලයින් මගින් පාස්පෝට් ඉල්ලන්න අවසර

බද්රානි Tuesday, 15 July 2025 02:01 PM

ඕවා ඉතින් කටින් බතල හිටවනවා වගේ වැඩ තමයි. ඔය ආයතනවල වැඩකරන වැඩිහිටි අයට තාක්ෂණය ගැන මෙලෝ අවබෝධයක් නැහැ. ඒ මදිවට, සරල සිංහලෙන් තානාපති කාර්යාල කියන නම වෙනුවට, දූත මණ්ඩල කාර්යාල කියලා දමලා. තමන්ගේ නම, වාසගම, පෙලපත්නාමය, වත් නිවැරදිව ලියාගන්න නොදන්නා ජනතාවක් හා නිසි අධ්‍යාපනයක් නොලැබෙන රටක, ජනතාවකට මේ ඔල්මොරොන්දම් හිංගල වචන ඇහුවාම කරකවලා අත හැරියා වගේ දැනෙයි... අනික, රටේ තරුණ ප්‍රජාව, හා කාන්තාවන්ගේ ශ්‍රමය පිටරටවලට විකුණාගෙන කන රටක තානාපති සේවය මීට වඩා කාර්යක්ෂමව කරගෙන යා යුතුව තිබුනත්, කරන කෙරුවා ගැන මම මෙතන අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ...පිටරටවල තානපතිසේවයේ නිරත වෙන ලාංකිකයින් ඒ රටවල ජනතාවට ඉමහත් ගෞරවයකින් යුතුව ජීවත් වෙන නමුත්, ශ්‍රී ලාංකිකයින්ව දුටුවාම, "බල්ලෙකුට, බල්ලෙකු හමු උනා සේ" බුරාගෙන කන්න පනින තත්වයක් තමයි මම නම් අත් දැක තිබෙන්නේ...කොහොමත් ඉතින් ජාතියක් විදිහට ඔක්කොම පර බල්ලොනේ..!! නැත්නම් ඉතින් මෙහෙම වෙයිද..?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 33 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 250 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site