IMG-LOGO

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයෝ 56 ක්

 

(ඩයනා උදයංගනී)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඞ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.


ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් හා ප්‍රතිකාර ලබන දරුවන් සමඟ සිටින මව්වරුන් 46 දෙනෙකු, වෛද්‍යවරුන් 5 දෙනෙකු, හෙද හෙදියන් තිදෙනෙකු හා කණිෂ්ට කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු, මේ අතර වන බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට අයි.ඩී.එච් රෝහලට හා සෙසු ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇතැයි කී රෝහල් අධ්‍යක්ෂවරයා, රෝහල් කාර්ය මණ්ඩලයේ 90 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතැයි ද කීවේය.

රෝහලේ සිටි රෝගීන්ට හා කාර්යමණ්ඩලයට වයිරසය ආසාදනය වන්නට ඇත්තේ රෝගීන් බැලීමට එන පිරිසගෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා සමහර රෝගීන්ට වයිරසය ආසාදනය වී ඇත්තේ මාස 2කට වඩා වැඩි කාලයක් රෝහල තුළ සිටියදී බව ද පැවසීය.

එලෙස රෝගය වැළඳීමට ඇති එකම ක්‍රමවේදය තමයි රෝගීන් බැලීමට එන පිරිස බව කී වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඒ හේතුවෙන් ඊයේ (10) සිට පිටින් රෝගීන් බැලීමට එන පිරිස අවම කර ඇති අතර, එක් වරක් පමණක් රෝගීන් බැලීමට ඉඩ ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

එමෙන්ම රෝගීන් බැලීමේ කාලය විනාඩි 10කට සීමා කර ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා ඒ සඳහා වාට්ටුව තුළ විශේෂිත වු ආරක්ෂිත ක්‍රමවේදයක් පිළියෙල කර ඇතැයි ද කීවේය.

කෙසේ වෙතත් මේ වන විට රෝහලෙන් හමුවූ සියලු ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරාත්, ආශ්‍රිතයින් නිරෝධායනයටත් යොමුකර රෝහලේ ආරක්ෂාව තහවුරු කර ඇති නිසා දරුවන් රෝගී වුවහොත් නොපමාව රෝහලට රැගෙන එන්නැයි දැනුම්දීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

රෝහලට පැමිණීමට බියේ දරුවන් අවදානමකට ලක්කළ යුතු නැතැයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයෝ 56 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 323 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site