IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා

(සුජිත් හේවාජුලිගේ )

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්  දෙසීයකට වැඩි   පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන්  ලබාදී තිබූ තීරු බදු රහිත  වාහන බලපත්‍රය  ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තාවේ.

මෙම වාහන බලපත්‍රය ලබාදී තිබුණේ විදේශයෙන් වාහන ආනයනය තහනම් කිරීමට පෙරය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබා දුනහොත් වැරදි මතයක් සමාජගත විය හැකි හෙයින් මුලින්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබාදීම සුදුසු බවට විවිධ පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.

එසේම රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රයට සමාන වාහන බලපත්‍රයක්  හෝ තමන්ට ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ලක්ෂ විසිපහකට ආසන්නය.

වාහන ආනයනය තහනම් කිරීමක් සමග රජයේ බොහෝ විධායක  නිලධාරීන් පිරිසකට එම වාහන බලපත්‍රය ළඟ තබාගෙන බලා සිටීමට සිදුවී ඇතැයි කියති. ඒ පිරිස අතර වෛද්‍යවරු ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක් වෙති.


 



අදහස් (9)

රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා

යෝගා Monday, 06 May 2024 09:51 AM

මේ වගේ දේශපාලන අල්ලස් මුලුමනින්ම අහෝසි කළ යුතුයි. රජයේ නිලධාරීන්ට වාහන පර්මිට් දීමත් අල්ලසක්ම තමයි...

:       2       28

Suranjith Monday, 06 May 2024 10:53 AM

ඔහොම යන්නකෝ... දැන් මෝඩයෝ රැලක් මාලිමාව රජකරන්න උත්සාහ කරනවා. ඒකෙ නායකයෙක් කියලා තියෙනවා නීති හැදීම ක්‍රියාත්මක කිරීම හා යුක්තිය පසිඳලීම් ගමේ සාමාජිකයන්ට දෙනවා කියලා.. තවත් කෙනෙක් කියලා තියෙනවා... ඔවුන්ගේ අදහස් අනුමත නොකරන අය මැරුවා කියලා.. අතීතයේ සිදුවීම් මතකයේ තියෙන කෙනෙක් ඉන්නවා නම් 88-89 සිදුවීම් මාලිමාව යටතේ නැවතත් සිදුවෙන බව සිතා කටයුතු කරන්න කියලා රජයේ ලොක්කන්ට මතක් කරන්න ඕනෑ...

:       19       14

Lakmal Monday, 06 May 2024 11:35 AM

වාහන පලපත්‍රය වෙනුවට එම බලපත්‍රයේ වටිනාකමට සමාන මුදලක් ඔවුන්ට ලබා දෙන්න. දැන් විදිය හින්දා රටේ සල්ලි තවත් එළියට යනවා. අනික එය ජාවාරමක් වෙලා.

:       2       19

සෙනෙවිරත්න Monday, 06 May 2024 01:14 PM

සුරන්ජිත් මේ මාලිමාවේ කට්ටියගේ වැඩද? මාලිමාවේ කුස්සියේද කක්කුස්සියේද වැඩ කරන්නේ ඔය ඕපදූප තමන්ට විතරක් ඇහිලා තියෙන්නේ? මාලිමාවට දිනපතා ජනතාව එක්වෙන එක ඉවසන්න අමාරු නම් මඩ නොගහ දොස්තර කෙනෙක් හමුවෙන්න. බොරු සමාජගත නොකර, ⁣තමා ඔහොම යමු කියන්නේ තමුන්ටත් මේකෙ වාසියක් ඇති නිසාද?

:       9       9

RenukaMonday, 06 May 2024 04:25 PM

සුරන්ජිත් කියන්නේ අඳුරේ අතගාන, පාසල් නොගිය කෙනෙක්, මේ වගේ අය නිසා තමයි මේ රට නැතිවුනේ.

:       1       5

shantha Monday, 06 May 2024 04:23 PM

ඔය පර්මිට් ළඟදීම ඉවරයි.

:       1       2

de silva Monday, 06 May 2024 08:08 PM

පර්මිට් දෙන්න කලින් ලංකාවට සාමාන්‍ය විදිහට වාහන එන්න ඕනේ. එහෙම නැතුව පර්මිට් වාහන පමණක් ගෙනාවොත් විශාල අසාධාරණයක් මහා ජනතාවට සිදු වෙනවා. ජනතාව අනිවාර්යයෙන් මේකට විරුද්ධව බහිනවා...

:       0       3

I. R5 Tuesday, 07 May 2024 09:37 AM

විශ්‍රාම බලපත්‍ර RS සඳහා විකුණනු ලැබේ. දූෂණයට මිලියන 35ක බෝනස්

:       0       0

I.RODRIGO Tuesday, 07 May 2024 09:44 AM

දූෂිත විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා විශ්‍රාම බලපත්‍ර සහ ජ්‍යෙෂ්ඨ සේවක අමාත්‍යාංශයේ ලේකම් සහ ඒ හා සමාන මුදලකට රුපියල් මිලියන 35 කට විකුණනු ලැබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බදුල්ලේ අවහිර වී තිබූ ප්‍රධාන මාර්ග දෙකම විවෘත කරයි
2024 මැයි මස 19 0 0

නාය යාම හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්ව අවහිර වී වැසී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකම අද( 19 ) විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.


දිස්ත්‍රික්ක හතකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 මැයි මස 19 20 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ


වැස්ස තව තවත් වැඩිවන ලකුණු
2024 මැයි මස 19 272 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත


නැගෙනහිර මුහුදේ අනතුරක්
2024 මැයි මස 19 628 0

මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර ය


මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා
2024 මැයි මස 19 1285 0

බාප්පා, පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.


තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 2241 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 793 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2347 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2011 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site