(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ පුරප්පාඩුවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන ප්‍රකාරව, 2025 ජූලි 24 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා එම කාරක සභාවල සේවය කිරීම පිණිස නම් කරන ලද බව කථානායකවරයා පාර්ලිමේන්තුවට කළ නිවේදනයේ දැක්වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රජයේ මුදල් සභාවේ පුරප්පාඩුවක් පුරවයි