IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


රජයේ පෝෂණ වැඩසටහනට ලෝක ආහාර සංවිධානයේ හයිය

(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe - Sri Lanka)  මෙරට නියෝජිත ලෙස පත් වූ  පිලිප් වෝඩ් සහ  නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබට් ඔලිවර් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහත්වරුන් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

1968 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහන මගින්  ශ්‍රී ලංකාවේ  ආහාර සුරක්ෂිතතාව, පෝෂණ සුරක්ෂිතතාව, ආර්ථික හා දේශගුණික අභියෝගයන්ට මුහුණ දෙන ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම කෙරෙහි සහය ලබා දීම සිදු කෙරේ. 

මෙහිදී  2023- 2027 දක්වා  ලෝක ආහාර වැඩසටහනේ (WFP)  උපායමාර්ගික සැලැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු වූ අතර විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන් රජයේ ඉදිරි වැඩ පිළිවෙල අනුව ලෝක ආහාර වැඩසටහන (WFP) සමග  සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා ⁣කෙරිණ.  

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්.එච්. ඒ. එම්. රිෆ්ලාන් මහත්ම මහත්මීහුද මීට සහභාගී වූහ.



අදහස් (0)

රජයේ පෝෂණ වැඩසටහනට ලෝක ආහාර සංවිධානයේ හයිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1568 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site