(යොහාන් භාසුර)
දිවයින පුරා පිහිටි වී ඇළෙවි මණ්ඩලයට අයත් වී ගබඩා සියයට අධික සංඛ්‍යාවක් මෙම සතිය තුළ ‘යළ’ කන්නයේ වී මිලදී ගැනීමට විවෘත කරන බවත් පසුගිය කන්නයේ පැවැති වී මිලම මෙවර ද පවතින බවත් වී අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා අද (29) ‘ලංකාදීප’යට පැවසීය.
ඒ අනුව මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගන්නා බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට අළෙවි කළ හැකි බවත් ඒ මහතා කීය. වී අළෙවි මණ්ඩලය සතුව ගබඩාවල වී මොටි්‍රක්ටොන් 210,000 ක් ගබඩා කිරීමේ පහසුකම් ඇති බව කී සභාපතිවරයා ජනතාව රජයට අස්වැන්න අළෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් වී අළෙවි මණ්ඩලයට සැළකිය යුතු වී තොගයක් නොලැබුණු අතර පෞද්ගලික සහල්මෝල්හිමියෝ වැඩි මිලට වී මිලදීගත්හ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රජය වී මිලදීගැනීම අරඹනවා