IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රාජ්‍ය ආයතන ජලයට කෝටි 70ක් පොලු තියලා

 

( සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ  )

රාජ්‍ය කාර්යාල  දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි  හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව හිඟ බිල්පත් නොගෙවු  සියලුම රාජ්‍ය ආයතනවල බිල්පත්වලින් සියයට 2.5 ක අධිභාරයක්( දඩයක්) මේ මස මුල් සතියේ  සිට අයකිරීමට එම මණ්ඩලය තීරණය කර ඇත.

මෙසේ හිඟ බිල්පත්  කාලයක් තිස්සේ නොගෙවා ඇති රාජ්‍ය ආයතනවලින් වැඩි ප්‍රමාණයක් පොලීසි,හමුදා කඳවුරු සහ  රෝහල්   වේ.

මෙම අධිභාරය අයකිරීම පිළිබඳව සියලුම රාජ්‍ය ආයතන පසුගිය ජනවාරි මාසයේ සිට දැනුවත් කළ බව ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක්  ලංකාදීපයට  පැවැසීය.

සාමාන්‍යයෙන් ජල බිල්පත  ලැබී දින 90කින් ගෙවීම නොකළහොත් මෙම අධිභාරය අය කෙරෙනු ඇත.

එසේම ජල බිල්පත ලැබී දින 14ක් ඇතුළත එය ගෙවනු ලැබුවහොත් සියයට 1.5ක වට්ටමක්  දෙන බව පැවසූ එම නිලධාරියා රාජ්‍ය  ආයතනවලට මෙන්ම  සියලු  පෞද්ගලික   ජල පාරිභෝගිකයන්ටද   ඒ වට්ටම  පොදුවේ   හිමිවන බව  ප්‍රකාශ කළේය.



අදහස් (2)

රාජ්‍ය ආයතන ජලයට කෝටි 70ක් පොලු තියලා

පැරකුම් Saturday, 08 April 2023 04:36 PM

අන්තිමට ඕවාටත් කරගහන්න වෙන්නෙ මේ දුප්පත් අපටමයි. දේශපාලුවන් තියපු කණුවලටත් අපි ගෙව්වා. දැන් තව එකක්...

:       0       0

Bamunuarachchi Tuesday, 11 April 2023 06:02 PM

පොලිස් ගොයියෝ, හමුදා ගොයියෝ. පොලිස් ස්ථානවලින් හමුදා කඳවුරෙන් නාගෙන තමයි ගෙදර යන්නේ. රෝහල් වලට නොමිලේ වතුර දුන්නාට කමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site