
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වසරක 4 ක බරපතල සිරදඬුවම් නියමව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරමින් සිටින බවත්, එම අධ්‍යාපන කටයුතු සදහා පහසුකම් සලසන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝගයක් නිකුත් කරන්නැයි මහතාගේ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මේ වන විට රාමනායක මහතා උපාධි පාඨමාලාවේ පලමු වසර අවසන් කර ඇති අතර, දෙවැනි වසරේ අධ්‍යයන කටයුතු සදහා අන්තර්ජාල කටයුතු සදහා සම්බන්ධ වීමට අත්‍යවශ්‍ය වී ඇති බැවින් ඊට පහසුකම් සලසන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝග කරන ලෙසද ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේයය.
රංජන් රාමනායක මහතාට එරෙහි දෙවැනි අධිකරණ අපහාස නඩුව අද (3) එස්.එස්.තුරෙයිරාජා , ඒ.එච්.එම්.ඩී .නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අවස්ථාවේදී මේ බව සදහන් විණි.
ඒ සදහා වන ඉල්ලීමක් බන්ධනාගාර අධිකාරියට යොමු කරන ලෙසත් , ගැටලුවක් ඇති වුවහොත් මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වන ලෙස අධිකරණය දැනුම් දුන්ටන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් පෙළට තමන්ගේ ආගම පාස් වෙන්න බැරි කෙනා උපාධී කරන්නේ කොහෙද? උපාධිය එච්චර බාල්දුද? විවෘත විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න උසස් පෙළ සමත් වෙන්න ඕනේ නැද්ද? කෝ මේ විශ්ව විද්‍යාල අරගල කට්ටිය..?
උපාධිය හැදෑරීම සඳහා "ආගමට තියෙන සම්බන්ධය මොකක්ද"? තමුන්නැහේත් හරියට "නොකෙරෙන වෙදකමට, කෝඳුරු තෙල් හත් පට්ටයක්" හොයනවා වගෙයි. ඊයේ, පෙරේදා ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා කිව්වා, මන්ත්‍රීලාට විභාග නැතිව, උපාධිය කරන්න අවස්ථාව දෙන්න කියලා. රංජන් නම් අපොස උසස් පෙළ සමත්... ඔබතුමා මොකක්ද අන්තිමට සමත් විභාගය?
එහෙනම් මම ඔහෙට තේරෙන භාෂාවෙන් කියන්නම්කෝ. හතරවෙනි පන්තියේ අංක ගණිතය කරගන්න බැරි කෙනා ඒ ලෙවල් කැල්කියූලස් විෂය කරන්න හදනවා වගෙයි. හැබැයි ඔබ මේ ටික තේරුම් ගන්න කැල්කියූලස් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. අපි දන්නා විදිහට රන්ජන් එයාගේ ආගම ඒ ලෙවල් වලට ගත්තේ ඒ ලෙවල් සම්පුර්ණ කරන්න... මෑන් එ්කත් අසමත්. මල්ලී, මම විභාග පාස්වෙනකොට ඔබ තාත්තා ගාව....
වෙනම කාමරවල හොරට විභාග ලියන අය ගැන කතා නොකර අපි ඇත්ත කතා කරන එකාගේ ආගම දැනීම ගැන කතා කරමු.