(විමුක්ති එස් රුද්‍රිගු)
රජ පවුලේ වියදමට බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 118.50 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3552 ක් පමණ) මුදලක් මෙම වසරේදීද බ්‍රිතාන්‍ය රජය ලබාදී ඇතැයි පසුගියදා රජ පවුල නිකුත් කළ වාර්ෂික මූල්‍ය වාර්තාවෙන් අනාවරණය විය.
බ්‍රිතාන්‍ය රජය ස්වෛරී ප්‍රදානය ලෙස හඳුන්වනු ලබන මෙම ප්‍රදානය රාජකීය මාළිගා නඩත්තු කිරීමටත්, රාජකීයයන්ගේ නිල රාජකාරි කටයුතු සිදුකිරීමටත් ලබාදෙයි.
එයට හිලවු ලෙස රාජකීය පවුලට අයත් දේපළවලින් ලැබෙන ආදායම බ්‍රිතාන්‍ය රජයට ලබාදේ. එයට මධ්‍යම ලන්ඩනයේ දේපළ විශාල ප්‍රමාණයක්, ඇස්කොට් තුරඟ තරඟ පිටිය සහ එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය වටා ඇති මුහුදු පත්ල ඇතුළත් වේ.
මෙම ගනුදෙනුව 1760 වසරේ සිට සිදුව එන්නක් වන අතර ස්වෛරී ප්‍රදානය රාජකීයයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ වියදම් ගිණුම වැනිය. එම මුදල සංචාරක හා කාර්ය මණ්ඩල වියදම ඇතුළු මහජන කටයුතු සඳහා රාජකීයයන්ට අවශ්‍ය වියදම් පියවනු ලබයි. නමුත් එයට ආරක්ෂක වියදම් ඇතුළත් වන්නේ නැත.
ස්වෛරී ප්‍රදාන මූල්‍ය වාර්තාවට අනුව රාජකීයයන් පසුගිය වසරේදී එක්සත් රාජධානිය තුළ සහ පිටත මහජන කටයුතු 1900 ක් පමණ පවත්වා ඇති අතර නිල රාජකීය මාළිගාවල පැවති උත්සව 828 කට අමුත්තන් 93,000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රජ පවුලට වසරකට රජයෙන් කෝටි 3552ක්