පාලනයෙන් ගිලිහුණු රොකට් කැබැල්ලක් අද (4) සඳට කඩා වැටීමට නියමිතය. ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව කඩා වැටෙනු ඇත්තේ චීනයට අයත් භාවිතයෙන් ඉවත් කළ අභ්‍යවකාශයේ පාවෙමින් තිබුණු රොකට්ටු කැබැල්ලකි.
තාරකා විද්‍යාඥයන් මුලින් සිතුවේ, මෙම රොකට්ටු කැබැල්ල ඇමෙරිකා බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගමට අයත් රොකට්ටුවක ‘බූස්ටර්’ (දහනක) කොටසක් කියාය. කෙසේ නමුත් පසුව ඔවුන් පැවැසුවේ එය ‘ස්පේස් එක්ස්’ රොකට්ටුව කොටසක් නොව, චීනය 2014 දී ‘චෙංග්ඊ5ටී1’ නමැති අත්හදා බැලීමේ ගගන මෙහෙයුමට යොදා ගත් රොකට්ටුවේ බූස්ටර් කොටස කියාය.
අද (4) දිනයේ රොකට්ටු කැබැල්ල, සඳුගේ අඳුරු පැත්තට කඩා වැටීමට නියමිතව ඇත. විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට රොකට්ටු කැබැල්ල හේතුවෙන් සඳ මතු මිට මීටර් 10 ක හෝ 20 ක ආවාටයක් නිර්මාණය වනු ඇත. රොකට්ටු කැබැල්ල සඳේ ගැටෙනු ඇත්තේ පැයට කිලෝ මීටර් 9,300 කිනි.
චීනයේ ‘චෙංග්ඊ5ටී1’ මෙහෙයුම සිදුවූයේ 2014 ඔක්තෝබර් 236 වැනිදාය. එම පුහුණු මෙහෙයුම සිදු කෙරුණේ රොබෝ ගවේෂණ යානයක් සඳට යැවීමේ අරමුණින්ය. පුහුණු මෙහෙයුම සාර්ථක විය.
චීනය 2020 වසරේ දී ‘චෙංග්ඊ5’ නමැති චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යටතේ රොබෝ යානයක් සඳ මතුපිටට යැව්වේ ඒ අනුවය.
සඳට කඩා වැටෙන මෙම රොකට්ටු කැබැල්ල, පසුගිය වසර ගණනාව පුරාවට පෘථිවියත් සඳත් අතර පාවෙමින් තිබුණි. අභ්‍යවකාශයේ පෘථිවිය වටේ ඇති මෙවැනි අත්හැර දැමුණු සහ අක්‍රිය වුණු රොකට්ටු කැබලි, අභ්‍යවකාශ යානා කොටස්, චන්ද්‍රිකා ආදිය හැඳින්වෙන්නේ අභ්‍යවකාශ කසල යනුවෙනි.
මෙවැනි අභ්‍යවකාශ කසල ගැන තාරකා විද්‍යාඥයෝ නිරන්තර අවධානයෙන් පසුවෙති. සඳ මතට රොකට්ටු කැබැල්ලක් කඩා වැටෙන බව මීට සති කීපයකට පෙර පළමුවෙන් සොයා ගත්තේ තාරකා නිරීක්ෂකයකු වන බිල් ග්‍රේ ය. රොකට්ටු කැබැල්ල ‘ස්පේස් එක්ස්’ කැබැල්ලක් යැයි පළමුවෙන් ලොවට පැවැසුවේ ද බිල් ග්‍රේ ය. පසුව ඔහු විසින් ම එය නිවැරදි කරනු ලැබුණි. ඒ, රොකට්ටු කැබැල්ල චීනයට අයත් බව පෙන්වා දෙමිනි. එය තහවුරු කළේ නාසා ආයතනයයි.
(තොරතුරු - නාසා ආයතනය)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රොකට්ටු කැබැල්ලක් හඳට වැටෙනවා
sharm warn Friday, 04 March 2022 11:28 AM
මේ රොකට් කැබැල්ල පතිත වේගෙන, වේගෙන හඳේ චලනයක් ඇති කළොත්, එය අපේ ගුරුත්වාකර්ෂණ බලයට බලපෑමක් ඇතිකරාවිද? එහෙම වුණොත්, එයින් පොළවට, පොළවේ ගමනට, කක්ෂයේ ගමන් මගට සුළුම වෙනසක් වුණත් වෙන්න ඉඩ තියේවිද? එහෙම වුණොත්... දෙවියනේ... කාට හරි තේරෙනවද? මොකක් වෙන්න පුළුවන්ද කියලා.
Bamunuarachchi Saturday, 05 March 2022 06:59 PM
තව ටික දවසකින් හඳත්, යාඩ් එකක් වෙනවා... වැඩකට ඇලුමිනියම් කෑල්ලක් ඕනේ වුණාම හඳට යන්න වෙනවා...