IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


යෝෂිත - ඩේසිගේ නඩුවට දින දෙයි

(රෝෂන් තුෂාර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය ගොනුකළ පැමිණිල්ල ජුලි මස 11දින යළි කැඳවන ලෙස කොළඹ අතිරේක  මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (16) දින නියම කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  පැමිණිල්ලේ යම් ඉල්ලීමක් වෙතොත් මෙම පැමිණිල්ල විභාග කරන ස්ථිර මහේස්ත්‍රාත්වරයා  හමුවේ එය ඉදිරිපත් කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය.ඒ අනුව පැමිණිල්ල යළි ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය. 



අදහස් (0)

යෝෂිත - ඩේසිගේ නඩුවට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1629 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site