IMG-LOGO

යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

ඉරානයට කළ පහර දීමෙන් පසු, යේමනයේ සිටින ඉරාන හිතවාදී හවුති සටන්කාමීන් ද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. කෙසේ නමුත් එම මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් විය.

යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස ඇමෙරිකාව නම් කර ඇති අතර, ඇමෙරිකාව හවුති සටන්කාමීන්ට දිගින් දිගටම පහර දෙමින් සිටී.

මේ අතර, ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට පතිත වූ ඉරාන මිසයිලයක් ගොඩනැගිලි රැසක් බිමට සමතලා කළ බව පැවැසෙයි. ඊයේ (13) එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු, දිගින් දිගටම යුදෙව් ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රතිඥා දී ඇත.

ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් ඉරානය ත්‍රස්තවාදී රාජ්‍යයක් බව පවසමින්, ඉරානයට දිගින් දිගටම පහර දෙන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත. මීට අමතරව, ඉරානය දැවී අළු වෙන තුරු පහර දෙන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත.



අදහස් (1)

යේමනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

රනේ Saturday, 14 June 2025 06:22 PM

අහන දකින දේ ගැන බයේ බෑ අප්පා..

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1420 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 525 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site