IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


යුගදනවි ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට

(අජන්ත කුමාර අගලකඩ)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

එම ගිවිසුම සම්බන්ධයෙන් පසුගියදා දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර ,එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ද ඉල්ලීමක් කළේය .

ඒ අතර, එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර, කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට කරුණු කීමට කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර යන ඇමැතිවරු ද ඉදිරිපත් වී සිටිති .

මෙම ගිවිසුම අත්සන් කිරීමට අදාලව බලපෑ කරුණු සහ ගිවිසුමට එළඹීමේ නීතිමය රාමුව ද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තාවෙයි.

 



අදහස් (5)

යුගදනවි ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට

ravin Monday, 06 December 2021 07:56 AM

හරියට කියවා තේරුම් ගත හැකි කීදෙනෙක් ඔතන ඉන්නවද?

:       0       0

Hafeel Monday, 06 December 2021 12:25 PM

අමාත්‍ය මණ්ඩලයටත් කොලේ වහල රහසින් වැඩේ කරනවා නම්, කොයිතරම් භයානක. දැනටමත් මේ ගිවිසුම අත්සන් කරලා. විස්ස සම්මත කල එකේ සාපය.

:       0       0

Shan Monday, 06 December 2021 01:22 PM

කාටවත් කියන්නේ නැතුව රටේ සම්පත් විකුනන්නේ කොහොමද එක පවුලක්?

:       0       0

Demuni Uduwara Monday, 06 December 2021 07:31 PM

දේශපාලකයින් විසින් මංකොල්ලකෑවා යැයි කියන මුදල් ආපසු ගෙවිය යුතුයි. ඊට අමතරව, ජනාධිපතිවරයා පැන්ඩෝරා වාර්තාව නිකුත් කර ආපසු ගෙවිය යුතුය. එතකොට අපිට ගිවිසුමක් ඕන නෑ!

:       0       0

Royfedricks Wednesday, 08 December 2021 03:57 AM

කීයද ගාන? ඉස්සර වගේ 10%ට දැන් කරන 1ක් නැහැ නේද? විජේදාස කියන්නේ මිස්ටර් 20% කියලා. ඒ වුණාට ඇත්ත ගාණ කීයද කියලා කව්ද දන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 428 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 102 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 68 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 648 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 686 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1175 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site