(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි)

පුත්තලම මධ්‍යම අට්ටවිල්ලුව බෝධිරාජපුර මාර්ගයෙ දී යතුරු පැදි දෙකක් ගැටි  සිදුවු මාරක අනතුරකින් 16 හැවිරිදි දරුවකු හා දෙදරු පියකු මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මධ්‍යම අට්විල්ලුව පදිංචි උපුල් කුමාර නැමති 36 හැවිරිදි දෙදරු පියකු හා එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි දහම් නිම්සර නැමති සිසුවෙකි.

අනතුරට ලක්ව මරණයට පත්වු දරුවා ඔහුගේ පියා හා සොහොයුරා සමග ප්‍රදේශයෙ අවමංගල උත්සවයකට සහභාගි වී ආපසු නිවෙස බලා ගමන් කරමින් සිට ඇති බවත් ඒ සමගම අනතුරින් මරණයට පත්වු දෙදරු පියා ද එම ප්‍රදේශයේම අවමංල උත්සවයකට සහභාගි විමට යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇති බව කියයි.

යතුරු පැදි දෙක මුහුණට මුහුණ ගැටිමේන් බරපතල තුවාල ලැබු තුවාල කරුවන් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු අතර එහිදි දෙදරු පියා ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබුනී.

ඒ සමගම බරපතල තුවාල ලබා සිටි 16 හැවිරිදි දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මරණයට පත්ව සිටි බව පොලිසිය පවසයි.

අනතුරින් මරණයට පත්වු දෙදෙනාම මධ්‍යම අට්ටවිල්ලුව ප්‍රදේශයේ පදිංචි කරුවන් බව කියයි.

---------------------------------------------------------

 

යතුරුපැදි අනතුරින් දෙන්නෙක් මරුට

(පද්මා කුමාරී කංකානම්ගේ )

පුත්තලම  , නවය බවුම,බෝධිරාජ පුර මාර්ගයේ,යතුරු පැදි දෙකක එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් පැදි කරුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැ යි පුත්තලම පොලිසිය පවසයි.

එක් පැදිකරුවෙකු රෝහල් ගත කිරීමේ දී මිය ගොස් සිටි අතර අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව  මිය ගොස් ඇත.