IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


මොරගහකන්ද ජලාශයෙන් උණ්ඩ මතුවේ

(ඉන්දික අරුණ කුමාර,රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ නිමල් ජයරත්න)

මාතලේ ලග්ගල මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානය අසල අඩි 20 ක පමණ ප්‍රපාතයක තිබී උරයක දමා තිබූ ගිනි අවි උණ්ඩ 1163ක් ඊයේ (12) සොයා ගත් බව නාඋල පොලිසිය පවසයි.

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්වය නිසා මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අඩුව ඇති අතර ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැලුණු පුද්ගලයකු එම ජීව උණ්ඩ සහිත උරය දැක නාවුල පොලිසිය වෙත දැනුම් දී ඇත.

එම පණිවිඩයට අනුව ක්‍රියාත්මක වූ නාවුල පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම විසින් අදාළ උණ්ඩ සහිත උරය පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනයේදී අදාළ පතුරම් කවුරුන් විසින් කුමන දිනයක ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳව අනාවරණය වී නොමැත. සොයාගත් උණ්ඩ අතර ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතුරම් සහ වෙනත් බර අවි සඳහා භාවිතයට ගැනෙන පතුරම් රැසක් ද එහි ඇති බව පොලිසිය පවසයි.

එම වර්ග හඳුනා ගැනීම සහ අදාළ වැඩිදුර පරීක්ෂණ කටයුතු නාඋල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරේ.

 



අදහස් (0)

මොරගහකන්ද ජලාශයෙන් උණ්ඩ මතුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 499 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 334 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site