(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එකම පාසලක ඉගෙනුම ලබන පාසල් දැරියන් තිදෙනකු වරින් වර සිය සුඛෝභෝගී නිවසට රැගෙන ගොස් ලිංගික අපහරණය කළ බව කියන 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
අතවරයට පත් 13 හැවිරිදි දැරියන් දෙදෙනකු සහ 16 හැවිරිදි දැරියක වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර ඇත.
සැකකරු දැරියන් අපහරණය සඳහා නිවසට රැගෙන යාමට යොදාගත් ඔහුට අයත් අති සුඛෝභෝගී මෝටර් රථය සහ ඒ සඳහා පෙළඹවීමට යොදාගත් ස්මාර්ට් වර්ගේ ජංගම දුරකථනයද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු මීට වසරකට පමණ ඉහතදී 16 හැවිරිදි දැරිය පාසලට පා ගමනින් යන අවස්ථාවේදී ඇයට උදව් කරන මුවාවෙන් මෝටර් රථයේ නන්වාගෙන යන අතරතුරදි ඇය සමග මිතුරු වී දහවල් කාලයේදී නිවසේ කිසිවකු නොමැති අවස්ථාවල තෙවරක් පාදුක්ක සිය නිවසට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
මීට තෙමසකට පමණ ඉහතදී මෙම දැරිය ඇය ඉගෙනුම ලබන පාසලේම අට වසර පන්තියේ දැරියක අමතා " ඔයාට බෝයි ප්‍රේන්ඩ් කෙනෙක් ඉන්නවද ? නැහැ යැයි කියූ විට එක්කෙනකු ඉන්නවා. මම අඳුනලා දෙන්නද ? අසා ඇති අතර එම අවස්ථාවේදී අතවරයට පත් දැරියක් මට එයාගේ ෆොටෝ බලන්න ඕනේ යැයි පවසා තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව 16 හැවිරිදි දැරිය වට්සැප් තාක්ෂණය හරහා 13 හැවිරිදි දැරියගේ මවගේ ජංගම දුරකථනයට සැකකරුගේ ඡායාරූපයක් එවා ඇති අතර "මම එයාට කැමතියි" යනුවෙන් දැරිය එකඟත්වය පළ කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කරගත් පරිදි ඉකුත් සිකුරාදා (27) ඔවුනොවුන් හමුවීමට තීරණය කර ඇති අතර ඒ බව සැකකරු සමග දුරකථනයෙන් සබඳතා පැවැත්වූ 13 හැවිරිදි දැරිය සිය මිතුරියකට දැනුම් දී ඇය ද සමග පෙම්වතා හමුවට යාමට එකඟතාවය පළ කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහිදී සැකකරු දැරියන් දෙදෙනාව ඔහුගේ රාජකාරී කාමරය වෙත රැගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදුකර තිබූ බව පොලිසිය කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මෘදුකාංග ඉංජිනේරුවා දැරියන් තුනක් කෙලෙසලා