IMG-LOGO

මුරකරු මරා කෝටි 2ක වෑන් රථයක් කොල්ල කාලා

(ගයාන් සූරිය ආරච්චි)

වෙන්නප්පුව උල් හිටියාව ප්‍රදේශයේ නිවසකට  ඊයේ (13) පැමිණි සැකකරුවන් පිරිසක් එහි සිටි මුරකරු ඝාතනය කර නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් කොල්ල කා පලා ගොස් ඇති බව වෙන්නප්පුව  පොලිසියිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂාන්තන් පෙරේරා නැමති 64 හැවිරිදි පුද්ගලයෙකි.

එම නිවසේ අයිතිකරු විදෙස්ගත වී සිටින අතර මියගිය පුද්ගලයා එහි මුරකරු වශයෙන් සේවය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

එම නිවසට ඇතුළු වූ සැකකරුවන් මූලකරුගේ අත පය ගැට ගසා ඝාතනය කර තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව  පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (2)

මුරකරු මරා කෝටි 2ක වෑන් රථයක් කොල්ල කාලා

බක්මීගොල්ල Saturday, 14 June 2025 02:04 PM

මිනිස්සු මෙච්චර කුරීරුද? මිනී නොමරා අරගෙන යන දෙයක් අරන් පලයව්කෝ...! කොහොමත් මොවුන් අහු වෙනවානේ. මිනී මරලා බේරෙනවා කියන්නේ බොරු.

:       0       31

ගුණරත්න Saturday, 14 June 2025 05:53 PM

රටේ නායකයෝ විදේශ සංචාරවල නියැලෙමින් ශෝක් කර කර ඉන්නා අතරේ සාමාන්‍ය මිනිස්සු ගුටි කා වෙඩි කා මැරී යනවා. එක බල්ලෙක් දැන් ඇහැරලා බලන්නේ නැහැ... කොටින්ම කිව්වොත් සාමාන්‍ය දෙයක් වෙලා...

:       13       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1397 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site