IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මුදල් නි. ඇමැති හර්ෂණ ඉල්ලා අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට
භාරදී ඇතැයි වාර්තාවේ.

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණු  සූරියප්පෙරුම මහතා  මුදල් අමාත්‍යාංශයේ  නව ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ මහින්ද සිරිවර්ධන  මහතා පසුගියදා විශ්‍රාම ලැබූ අතර ඔහු  ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ධූරයක වැඩ භාර ගැනීම සඳහා පිටත්ව යෑමට නියමිතය.

සූරියප්පෙරුම මහතා කළමනාකරන ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ ( CIMA) සාමාජිකයෙකු ලෙස සුදුසුකම් ලබා  කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් එම්බීඒ  උපාධිය  සහ කළමනාකරණ සහ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර ජාලකරණය සහ කාර්ය සාධනය පිළිබඳ ආචාර්ය උපාධිය  ගත්තේය.

පෞද්ගලික අංශයේ මූල්‍ය හා පරිපාලනයට අදාළ  අායතන රැසක සේවය කර ඇති ඔහු  2013 සිට 2021 දක්වා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ආයතනික කටයුතු අධ්‍යක්ෂ ලෙසද   කටයුතු කළේය.

හෙතෙම  2022 සිට ජාතික ජන බලවේගයේ  ආර්ථික කවුන්සිලයේ සාමාජිකයෙක්ද  විය.

ඔහු 2024  පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ   ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට හර්ෂණ සූරියප්පෙරුම  මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය



අදහස් (0)

මුදල් නි. ඇමැති හර්ෂණ ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site