IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


මුජුබුර්ට දිවුරුම් දෙන්න පුළුවන්දැයි නීති තත්ත්වය විමසයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කොළඹ නගර සභා අපේක්ෂක ලැයිස්තුවේ තවමත් සිටින මුජුබුර්  රහුමාන් මහතාට පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ හැකියාවක් තිබේදැයි නීතිමය තත්ත්වය විමසීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් අහෝසි වූ පසු එම පුරප්පාඩුවට මුජුබුර්  රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කළේය.

පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු තවමත් අහෝසි කර නොමැති හෙයින් මුජුබුර්  රහුමාන් මහතාට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් විමසීමටද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

පසු පෙළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මධුර විතානගේ හා ප්‍රේමනාත් සී දොළවත්ත යන මන්ත්‍රීවරුන් අදාල කාරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද කරුණු දක්වා ඇත.

පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක යම් පුද්ගලයකුට හිතුමතයේ මෙලෙස ඉල්ලා අස්වීමට නීති ප්‍රතිපාදන නැතැයි ඔවුන් විශ්වාස කරන බවත් කළ යුතුව ඇත්තේ මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා ලැයිස්තුවම අවලංගු කිරීම බවත් ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුවේ සිටිය දී මීට පෙර කවුරුන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දී තිබේද? එවැනි තත්ත්වයක් යටතේ අදාල පළාත් පාලන නාමයෝජනා ලැයිස්තුවේ සිටින සෙසු අයගේ නාම යෝජනාවලට සිදුවන්නේ කුමක්ද? ආදී තාක්ෂණික ගැටලු විසඳා දෙන ලෙසත් නැතිනම් එය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් විමසීමට තීරණය කර තිබේ.



අදහස් (6)

මුජුබුර්ට දිවුරුම් දෙන්න පුළුවන්දැයි නීති තත්ත්වය විමසයි

Hafeel Thursday, 09 May 2024 05:31 PM

මම මුජිබුර් රහ්මාන්ට පක්ෂයත් නොවේ සහ ඔහු පාර්ලිමේන්තුවට ආවයි කියලා රටට හොඳ දෙයක් වෙන්නත් නැහැ. නමුත් මිනීමරුවන් මේ පාර්ලිමේන්තුවේදී මේ කතානායක ඉදිරියේදී දිවුරුම් දෙද්දී සහ කප්පම්කාරයෙක් ජනාධිපති ඉදිරියේදී ඇමැති ධුරය අරන් දිවුරුම් දෙද්දී, මේ මොන කජ්ජක්ද?

:       7       38

මහසෙන් Thursday, 09 May 2024 06:24 PM

හහ් හහ්. එකට එක...

:       1       13

Rauf Thursday, 09 May 2024 06:30 PM

පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුවල සිටින අනිකුත් අපේක්ෂකයින්ට, විශේෂයෙන්ම රජයේ සේවකයින්ට, ආපසු තමුන්ගේ රැකියා සඳහා යන්න බැරි අතරේ ඇයි මේ මන්ත්‍රී කෙනෙක් ආපහු එන්න හදන්නේ...? හැමදේටම යුක්තිය, සාධාරණය ඉල්ලන අය ඔතැනදී තමුන්ගේ වාසියට වැඩද?

:       7       22

de silva Friday, 10 May 2024 05:39 AM

මුජිබර් ඉදිරි මාස කිහිපය සදහා පාර්ලිමේන්තු ගියා කියලා විශාල වෙනසක් රටේ වෙන්නේ නැහැ .නමුත් කෙනෙකුට අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කමෙන් හෝ ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වෙන්න පුළුවන් කම තිබෙද්දී මේ ලිස්තුවෙන් ඉල්ලා අස්වෙන්න බැරි කමක් නැහැ , ඔය චන්දෙ අවුරුදු ගණනක් පවත්වල නැහැ ,චන්දෙට ඉදිරිපත් වුන සක්‍රිය රජයේ සේවකයන් සම්බන්ධයෙන් ප්‍රශ්නය මිට වැඩිය සංකීර්ණ වෙනවා ,රජයේ සේවකයන්ට වුනත් ලැයිස්තුවෙන් ඉවත් වෙන්න පුළුවන්

:       0       2

nanda Friday, 10 May 2024 06:24 AM

කප්ප්ම් සිද්ධියකට වරදකරු වුන කෙනෙකුට පාර්ලිමේන්තු ඉන්න පුළුවන්ද

:       0       1

Bunny Preena Friday, 10 May 2024 04:17 PM

ලොකුම දැවෙන ප්‍රශ්නයක් වගේ...!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

බන්ධනාගාර නිලධාරීන්ට 15000ක් දෙන්න කැබිනට් සංදේශයක්
2024 මැයි මස 20 57 0

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.


මුලින්ම එන මැතිවරණය ගැන එජාපයෙන් ප්‍රකාශයක්
2024 මැයි මස 20 468 1

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිත


ජනපති ඉරානයට ශෝකය පළ කරයි
2024 මැයි මස 20 446 2

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශ


කෝටි හතක හෙරොයින් ගෙනා පකිස්තාන කත ගුවන්තොටේදී මාට්ටු
2024 මැයි මස 20 491 0

හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුව


’’මං සන්ධාන ගත වුනේ ජාතික නායකයන් එක්ක’’
2024 මැයි මස 20 1411 4

තමා සන්ධානගත වූයේ ජාතික නායකයන් සමඟ හෙයින් දිස්ත්‍රික් නායකයන් කියන කතා ගණන් නොගන්නා බව මහනුවර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ප


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම්
2024 මැයි මස 20 124 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 825 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2375 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2036 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site