(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මීගමුව  බන්ධනාගාරයේ සිද්ධියේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මේ සිද්ධියේ වගකීම ආණ්ඩුව මත පැටවෙනවා. හිරකරුවන් රාජ්‍ය භාරයේ සිටින අය. ඒ අයගේ ජීවිත ආරක්ෂාවේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. මේ ගැන පාර්ලිමේන්තුව දීර්ඝව සාකච්ඡා කරන්න ඕන. පැය හතරක සාකච්ඡාවකට යෝජනා කරනවා.

ආණ්ඩු පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා

අපි ලෑස්තියි ඒ විවාදය ලබාදෙන්න. පැය දෙකක් ඇති කියලා මම හිතනවා.  තුනහමාරේ ඉඳලා විවාදය පවත්වමු.

සජිත් ප්‍රේමදාස මහතා

පැය දෙකක් මදි. පැය  හතරක සංවාදයකට අවස්ථාව දෙන්න.

නලින්ද ජයතිස්ස මහතා:

ඕන පැය ගාණක් විවාද කරන්න පුළුවන් නමුත්.අධිකරණ ඇමතිතුමාට ඒ වැඩවලට යන්න තියෙනවා. ඒකයි හේතුව.

සජිත් ප්‍රේමදාස මහතා

එතුමට ඒ කටයුතු මේක ඇතුළේ  ඉඳලා කරන්න පුළුවන්. පැය හතරක සංවාදයකට අවස්ථාව දෙන්න.

නලින්ද ජයතිස්ස මහතා ;

අද  ජනාධිපතිතුමාගේ සාකච්ඡාවක් තිබුණත්  ඒකත් අවලංගු කළා. 3.30 ඉඳලා 6.30 වෙනකම් දෙන්නම්. පැය තුනක් හොඳටම ඇති.

කථානායක:

තුනයි තිහේ සිට හයයි තිහ දක්වා විවාදය ලබාදෙනවා.