
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් මේ වන විට දුම්බර ඇතුළු බන්ධනාගාරවලට මාරු කර යැවීමට බන්ධනාගාරය මේ වන විට කටයුතු යොදා ඇත.
බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්වයෙන් මේ වන විට 27 දෙනෙක් මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇත.
ඊයේ දින දහවල් ඇති වූ ගැටුමින් දෙදෙනෙකු මියගොස් තවත් 33 දෙනකු තුවාල ලැබීය. අද දින සිදුවූ ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු ඇතුළුව 25 දෙනකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පවතින ගැටුම් කාරි තත්වය පාලනය කිරීම සහා සිරකරුවන්ගේ ආරක්ෂාව පතා මීගමුව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් මේ වන විට දුම්බර ඇතුළු දිවයිනේ පිහිටුවා ඇති බන්ධනාගාරවලට මාරු කරන බව ද බන්ධනාගාර උසස් නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd