
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුහගතකරණ කිරීම සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාවට එහි දෙපාර්තමේන්තු නවයම දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ කමිටුව තමන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගෙන නැතැයි එම දෙපාර්තමේන්තු නවයේම සේවකයෝ චෝදනා කරති.
එසේම මෙම වාර්තාවෙන් තමන්ගේ ගැටළු විසඳා නැතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයෝ පිරිසක් පසුගියදා ආහාරපාන සහ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හමුවී විරෝධය පළ කළහ.
මේ අතර මෙම වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය එම දෙපාර්තමේන්තු නවයේම ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මෙම කමිටුවේ වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කතානායකවරයා බලාපොරොත්තු වෙයි.
2025 ඔක්තෝබර් මස 08
1631
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැතිසබේ වෙනස් කරන රපෝර්තුවට කන්තෝරු නවයේම විරෝධය