(ප්‍රසංග පෙරේරා සහ ගයාන් සූරිය ආරච්චි )
වයස මාස 09 ක ළදැරියක ළිං පතුළක මියගොස් සිටියදී ඊයේ (28) දින සොයාගත් බව මහබාගේ පොලීසිය පවසයි.
මහබාගේ රාගම හල්ලන්දුරුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ළිඳක මියගොස් ජලය මත පා වෙමින් තිබියදී මෙම මළ සිරුර සොයා ගනු ලැබිණි.
මිය ගිය ළදැරිය හල්ලන්දුරුව රාගම ලිපිනයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මව විසින් නිවස අසල පිහිටි ළිඳකට බිළිඳිය විසිකර ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.
දැරියගේ පියා වත්තල ප්‍රදේශයේ වාහන අංගනයක සේවය කරන බව ද පොලිසිය පවසයි.
ළදැරියකගේ අතුරදන් වීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්ව කළ සොයාබැලීමේ දී සීසීටීවී දර්ශන අනුව ළදැරියගේ මව විසින් ඇයව වඩාගෙන දැරිය මියගොස් සිටි ළිඳ පිහිටි නිවස දෙසට ගමන් කරන අයුරු නිරීක්ෂණ වී තිබේ.
ළදැරිය මියගොස් ඇති ආකාරය සැක සහිත බැවින් වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ ස්ථානීය පරීක්ෂාවකින් පසුව දේහය පිළිබඳ පශ්චාත් අධිකරණය මරණ පරීක්ෂණයක් පැවැත්වීමට දේහය රාගම රෝහලට රැගෙන යන ලෙස පොලිසියට උපදෙස් දී ඇත.
සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අ
ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අ
මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ
මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒක
රුපියල් ලක්ෂ 90 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, රේගු මාධ්‍ය ප්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නව මස් ළදැරිය ළිං පතුලෙන් හමුවෙයි