
(රංජිත් කරුණාවීර)
ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කිලෝ 40ක් පමණ වන වටිනා ඉතා පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් කෞතුකාගාරයේ දොරක් කඩා සොරා ගෙන ගොස් ඇතැයි මහියංගනය පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝ සභික මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන සමයේ චෛත්‍ය කැණිම්වලදී හමු වු බුද්ධ ප්‍රතිමාවක් එලෙස සොරකම් කර ඇත.
තඹ ලෝහයෙන් සකස්කරන ලද එම පිළිම වහන්සේ කිලෝ 40ක් පමණ බර එකක් බව උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ පැවැසූහ.
කෞතුකාගාරය පිටුපසින් ඊට ආසන්නයේ ගසකින් කෞතුකාගාරයේ වහලය මතට නැඟ ඉහළ මාලයේ දොරක් කඩා කෞතුකාගාරයට ඇතුළුවී, එහි පහත මාලයේ තිබූ බුද්ධ ප්‍රතිමාව සොරකම් කරගෙන ගොස් ඇත.
මාස කිහිපයක සිය කෞතුකාගාරයේ සී සී ටිවි කැමරාද අක්‍රියව තිබු බවත්, කෞතුකාගාරයේ පිටුපස තිබු කැමරාවක රාත්‍රි 1.00ට පමණ පුද්ගලයන් දෙදෙනකු ස්කූටියකින් ගමන්කරන ආකාරය සටහන්ව ඇති බව උන්වහන්සේ පවසූහ.

2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහියංගන රාජමහා විහාරයට හොරු පනිති
බර්ත්ඩේපාටිසාදු Friday, 24 October 2025 04:09 PM
නඩුත්, බඩුත් කේස් එකක්. රෑ එකට ස්කූටියකින් පන්සල ලඟින් ගියොත් ඒ හොරු තමයි.