IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මහවැස්සෙන් ලුණු ලේවායන් යටවෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මහ වැස්සත් සමඟ පුත්තලම ලුණු ලේවායන් සම්පුර්ණයෙන් වැසි ගිය බව පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයේ සභාපති රනිස් බදුර්දීන මහතා පවසයි.

දින කිපයක් පුරා පුත්තලම ඇද හැලෙන මහ වැසිත් සමඟ මෙලෙස පුත්තලම ලුණු ලේවයාන් වැසි ජලයෙන් සම්පුර්ණයෙන් වැසි ගොස් ඇති බවද වගා කරුවෝ පවසති.

වසර ගණනාවක් පුරා නොකඩවා ඇද හැළුන මහ වැසි සමඟ ඉන්දියාවෙන් ලුණු මෙරටට අපනයනය කිරීමට සිදුව තිබු නමුත් පසුගිය මාස කිපයක් පුත්තලම පැවති වියළි කාළගුණයත් සමඟ පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයට අයත් වගා කරුවන් හා පුත්තලම ලුණු සමාගම ඇතළු දිස්ත්‍රික්කයෙ ලුණු වගා කරනු ලබන බිම් වලින් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න සාර්ථක අස්වැන්නක් මෙවර ලැබි තිබිම විශේෂ වු බව කියයි.

පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ වැසි ජලයෙන් නැවතත් තම ලුණු ලේවායන් වැසි ගියත් ඒ වන විටත් සමස්ථ අස්වැන්න තම වගාකරුවන් පිටතට ගෙන තිබිම නිසා පාඩුවක් සිදු නොවු බවයි.

එසේ ලබා ගෙන තිබු ලුණු මේ වන විට ලේවායන් අවට වගාකරුවන් සතු ගබඩා තුළ ආරක්ෂීතව ගබඩා කර ඇති බවත් රටට අවශ්‍ය ලුණු තොග මේ වනවිට මෙරට නිෂ්පාදනයෙන් ප්‍රමානවත් ලෙස ලැබිම නිසා ගැටළු කාරි තත්වයක් මතු නොවන බවට තමන් විශ්වාස කරන බවද ඔහු පවසන්නට විය.

කෙසේ නමුත් වානතවිල්ලුව හා තවත් ස්ථාන කිපයක ලුණු අස්වනු නෙළා ගැනිමට නොහැකිව වැස්සට හසුව තිබු බවද වාර්තා වෙයි.



අදහස් (0)

මහවැස්සෙන් ලුණු ලේවායන් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1235 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site