
(සුජිත් හේවාජුලිගේ)
මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විශේෂ විමර්ශනයක් ඊයේ (2)ආරම්භ කළේය.
තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් ඊයේ (02) පෙරවරුවේ මහර බන්ධනාගාරයට ගොස් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.
මීට අමතරව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක්ද ඊයේ මහර බන්ධනාගාරයට ගොස් එහි තත්වය පිළිබදව සොයා බලා අැත
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්යක්ෂ සුභාෂණ සුබවික්රම මහතා සඳහන් කළේ අදාළ සිදුවීම සැලසුම් සහගතව කළේද යන්න සම්බන්ධයෙන් සැක මතුවන බවයි.
"කෝටි ගාණක හානියක් වෙලා තියෙනවා.ඉන්න සුදුසු තත්වයක් මේ වෙනකොට නෑ. මොකද ඒ සියලුම දේ විනාශ කරලා. නැත්තටම නැති කරලා තියෙන්නේ. අපිට මේක දැනගන්න ඕනා රැඳවියන්ගේ වුවමනාවකට සිදු වෙච්ච දෙයක්ද එහෙම නැත්තන් වෙන කාගේ හරි වුවමනාවකට මේක සිදු වුණේද කියලා. මේ සිදුවීම කාමරයක් ඇතුළේ ඉන්න කිහිප දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙෙවයි. අපි තරයේ විශ්වාස කරනවා මේක කාගේ හරි සැලසුමකට සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඒ තරම් ලොකු විනාශයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd