IMG-LOGO

මහපොළ භාරකාර අරමුදලට හිටපු ඇමැති බලපෑම් කරලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


මහපොළ භාරකාර අරමුදලේ අභ්‍යන්තර විගණක තනතුර පිරවීමට මීට පෙර පැවති ආණ්ඩුවේ වෙළඳ අමාත්‍යාංශ නිලධාරීන් පැහැර හැර අැති  බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී(කෝප්) තොරතුරු අනාවරණය විය.

හිටපු ඇමතිවරයාගේ පෙළඹවීම සහ  බලපෑම අනුව වැඩබලන විගණන  නිලධාරියෙකු දිගින් දිගටම රඳවා ගැනීමට කටයුතු කළ බව අමාත්‍යංශ  නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

මහපොළ භාරකාර අරමුදලේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පැවසුවේ මෙතන සිටින එකම විධායක නිලධාරියා තමා පමණක් බවයි.

සේවක මණ්ඩලයක් සිටිනවා යැයි තමා බලාපොරොත්තු වුවත් ඒ ස්ථානයේ අධ්‍යක්ෂවරයකු  ගණකාධිකාරිවරයෙකු  විගණකවරයෙකු  තාක්ෂණක නිලධාරියෙකු  පවා  නැති බවද  ඔහු කීවේය

මෙහිදී අදහස් දැක්වූ මහා පොළ භාරකාර අරමුදලේ හිටපු අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාර මහතා පැවසුවේ හිටපු අමාත්‍යවරයාට වෙළඳ අමාත්‍යාංශය එම වසර දෙකේදී කිසිදු සහයෝගයක් නොදැක්වූ බවයි.

2022 දී මේ අය පත්වන විට තමා ඉවත් කිරීමට උත්සාහ කළ බවත් ඔවුන්  එසේ කටයුතු කළේ ඇමතිවරයාට හිතූ සේ වැඩ කිරීමට ඉඩ නොලැබෙන නිසා බවත්  හෙතෙම සඳහන් කළේය.

එම නිසා තමාගේ තනතුර නතර කළ බවත් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ අවස්ථාවේදී එය පාවිච්චි නොකරන ලෙස දැනුම් දුන් බවත් හෙතෙම කීය.



අදහස් (0)

මහපොළ භාරකාර අරමුදලට හිටපු ඇමැති බලපෑම් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site