
(අංජුල මහික වීරරත්න)
මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම නගරාධිපතිවරුන් හා නාගරික මන්ත්‍රීන්ටත් ප්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.
පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලා සිටියත් එය ලබාදී නොතිබූ බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කෙනෙක් මිය ගියාට පසු ඔහුගේ අතීත ක්‍රියාවන් ගැන පවසා එම ඝාතනය වසා ගැනීමට පොලිස් ඇමති ආනන්ද විජේපාල සිදු කළ කතාව පිළිබඳව තමා ඉතා කණස්සල්ලට පත්වූ බවද නාමල් රාජපක්ෂ පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමිනි.
2025 ඔක්තෝබර් මස 08
1425
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1299
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහජන නියෝජිත ආරක්ෂාව වහා තහවුරු කරන්න
ඇන්ඩෘ සෙබඩවිල Saturday, 25 October 2025 06:42 PM
ආනන්ද විජේපාල විපක්ෂයේ රෝල් එකක් ඉටු කරනාදැයි සැක සිතෙන තරමට ඔහු මෝඩ කතා කියයි. ආණ්ඩුවේ ලකුණු කැපෙයි. හඳුන්නෙත්ති, වටගල, ටී.බී. සරත්, බිමල්, හේවගේ, සමන්ත විද්‍යාරත්න වැනි වාචාල ඇමතිවරු කරන හානියට සමාන හෝ ඊටත් වැඩි හානියකි, මෙතුමා විසින් කරනු ලබන්නේ...
උකුස්සා Saturday, 25 October 2025 06:55 PM
ගොඩක්ම ඔබතුමාගේ පක්ෂේ නියෝජිතයෝ ගැන වැඩි විමසිල්ලක් දක්වන්න ගොඩක් නියෝජිතයෝ පාතාලෙට සම්බන්ධ නිසා...
කපුරුහාමි Saturday, 25 October 2025 07:22 PM
හොර පෙරකදෝරුවාට අමු කැවිලා. දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේ අඩුම ගානේ අදහස් ප්‍රකාශ කරන්නවත් නිදහසක් තිබුණාද? මහා දවාලේ අධි ආරක්ෂිත කලාපයක් තුළ ලසන්තව අමානුෂික විදියට ඝාතනය කෙරුවා. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා. යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලනීකරණය වෙලා තිබුනේ? වැරැදි කරපු පට්ට හොර දූෂිතයෝ තමා බය වෙලා ඉන්නේ...