IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මරදාන වෙඩිතැබීමේ පැදිකරු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මරදාන පංචිකාවත්ත  ප්‍රදේශයේදී  පුද්ගලයෙකුට අද අලුයම වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා විනාඩි කිහිපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට මෝදර පොලිසියේ නිලධාරීන් සමත් වී ඇත

අත්අඩංගුවට ගත් එම සැකකරු මාලිගාවත්ත බෝධිරාජා මාවත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි  පුද්ගලයෙකි. 

එම සැකකරු කෙසෙල්වත්ත කවි නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු බව පොලිසිය කියයි

වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පණිවිඩ නිකුත් වීමත් සමගම මෝදර පොලිසියේ පොලිස් සැරයන්වරුන් වන (67090) පුෂ්ප කුමාර  හා  41300  රූප සිංහ යන නිලධාරීන්දෙදෙනා  රාත්‍රී යතුරුපැදි  රාජකාරී නිරතව සිටියදී පොලිස් කොස්තාපල් 88685 මුර්ති නිලධාරියා ද සහභාගී කරගෙන  පලා යමින් සිටි යතුරුපැදිකරුට  තවදුරටත් පලායාමට ඉඩ නොදී එම ප්‍රදේශයේ වට කිරීමත් සමග සැකකරුගේ යතුරුපැදිය මාදම්පිටියේ මාර්ගයේ පෙරළී තිබේ. ඔහු එය අත්හැර දමා කිඹුලා ඇල වත්ත දෙසට පලා ගිය බව පොලිසිය කියයි

පොලිස් සැරයන් වරුන්දෙදෙනා තම පිස්තෝල ගිනි අවි අතට ගෙන කිඹුලා ඇල වත්තට ඇතුළු වී සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී සැකකරු වත්තෙන් පිටවී මාර්ගයට ගොස් තීරෝද රථයක නැග පලායන්නට ඌ බව පොලිසිය කියයි

එතනින් ක්‍රියාත්මක වූ ශ්‍රේණිවරුන් දෙදෙනාම මාදම්පිටිය පොලිසියේ රාත්‍රියේ ජංගම සංචාර ජීප් රථයේ නිලධාරිකුගේ සහය ඇතිව තීරෝද රථය නවතා සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බ්ලූ මැන්ඩල් පොලිසිය වෙත භාරදී ඇත



අදහස් (0)

මරදාන වෙඩිතැබීමේ පැදිකරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16927 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site