(රොෂන් තුෂාර)
ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ද්වේශ සහගත විමර්ශනයක යෙදෙන බැවින් අත් අඩංගුවට පත් වුවහොත් පෙර ඇපයක් ලබාගත හැකි පරිදි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුණු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද ප්‍රතික්ෂේප කළේය.
අල්ලස් කොමිසම ද්වේශ සහගත විමර්ශනයක නියැලෙන බවට සාක්ෂි ඉදිරිපත් ව නොමැති බැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව මහේස්ත්‍රාත්වරයා පිටු පහකින් යුත් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
පෙත්සම්කරුගේ නීතිඥවරුන් අධිකරණයට සඳහන් කළ සිටියේ පෙත්සම්කාර නානායක්කාර මහතා හෙට දිනයේදී අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම්ව සිටින බවය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මනුෂගේ ඇප ඉල්ලීම ඉවතට